Gender
Boys' School
Boys' School
1189
Baddegama, Sri Lanka
ගවේෂණය කරගත් දැනුම නිවැරැදි ව හා භාවිතා කළ හැකි කුසලතා වලින් පරිපුර්ණ යහපත් ආකල්ප වලින් පිරුණු දරුවන් බිහි කිරීම.
මෙම විදුහල ලංකාවේ ඉපැරණිම පාසල් අතරින් එකක් වනවා පමණක් නොව එය ලංකාවේ පිහිටුවන ලද දෙවන ඉංග්‍රීසි පාසැල ලෙස එතිහසිකව ඉතා වැදගත්කමක් දක්වන විදුහලක් බව බොහෝ විට අප්‍රකට කරුණක්ව පැවතීම කණගාටුවට හේතුවකි.
ශත වර්ෂ දෙකක් පමණ ඈත අතීතයට දිව යන අප විදුහලේ මුලාරම්භය, එවකට බද්දේගමට සම්ප්‍රාප්ත වූ රොබට් මේයර් නම් වූ දේවගතිවරයාගේ නායකත්වයෙන් යුත් ඇන්ගලිකානු මිෂනාරිවරුන්ගේ ආගමනය සමඟ සිදු වුවකි. සී. එම්. එස්. හෙවත් Church Missionary Society නම් වූ මෙම ඇන්ගලිකානු මිෂනාරිවරුන් තමන්ගේ මුල් වාසභවන ලෙස තෝරා ගත්තේ අද අප විදුහල පිහිටා ඇති ‘තල් ගස් කන්ද නොහොත් ‘Palm Hill‘ නම් වූ මෙම මනරම් කඳු ගැටය සහිත භූමි භාගයයි. එහි එම මිෂනාරිවරුන් විසින් ඉඳි කරන ලද දේවස්ථානය හා ඊට සම්භන්ධ ඉදි කිරීම සඳහා සහභාගී වූ සේවක හා කම්කරුවන්ගේ දරුවනට ඉංග්‍රීසි භාෂා දැනුම ලබා දීමට මේයර් දේවගැතිතුමාගේ බිරිඳ විසින් ආරම්භ කරන ලද ඉංග්‍රීසි ඉගැන්වීමේ පන්ති පසුව අප විදුහල ආරම්භ කිරීම සඳහා පසුබිම සැලසුනි.
දේවස්ථානය පුජක නිවාස හා සෙසු ඉදි කිරීම් නිම වීමෙන් අනතුරුව මිෂනාරිවරුන් විසින් ආරම්භයේ භාවිතා කරන ලද නිවාස ගොඩනැගිලි තුල මේයර් මැතිනියගේ ඉංග්‍රීසි පන්ති වඩාත් ක්‍රමවත්ව සංවිධානය වීමත් සමඟ පාසලක් පිහිටුවීමේ මුල් අදහස රෝපණය විය. ඒ අනුව 1812දී ක්‍රිස්තු දේව පිරිමි ඉංග්‍රීසි පාසල ‘Christ Church Boys’ English School‘ යන නමින් අප විදුහලේ මුලාරම්භය සිදු විය.
එතැන් පටන් ශත වර්ෂ දෙකකට අසන්න දිගු ගමනක් ගෙවා නොයෙකුත් හැල හැප්පීම් හා පරිවර්තනයන්ට මුහුණ දෙමින් අප විදුහල ඉදිරියට පැමිණ ඇත.
එම කාල පරාසය පිළබඳ අධ්‍යනයක් තුලින් එක අතකින් ලංකාවේ පාසල් පද්ධතිය යටත් විජිත පාලන කාලයේ සිට ස්වදේශීය පාලනයක් කරා විවිධාකාර දේශපාලන සමාජීය හා ආර්ථික පරිවර්තනයන්ට මුහුණ දෙමින් විකාශය වූ අන්දම මනාව චිත්රණය කරන හරස්කඩක් පෙන්නුම් කෙරේ. අනෙක් අතට පටු ආගමික අරමුණු ඉටු කා ගැනීම සඳහා විදේශික මිෂනාරීන් විසින් පිහිට වූ කුඩා පාසලක් ස්වදේශීය අධ්‍යාපන විශාරදයන්ගේ අප්‍රතිහත ධෙර්ය සහ කැපවීමෙන් පසු කලෙක දේශයේ අධ්‍යාපනික හා සංස්කෘතික ප්‍රභෝධයක් ඇතිකරලීමට මහත් මෙහෙයක් සිදු කල අධ්‍යාපන කේන්ද්‍රයක් බවට පත් කිරීමේ වෘත්තාන්තය , අප විදුහල බිහි වීමේ කථා පුවත තුලින් එළිදක්වයි.
Monday
7:30 AM - 1:30 PM
Tuesday
7:30 AM - 1:30 PM
Wednesday
7:30 AM - 1:30 PM
Thursday
7:30 AM - 1:30 PM
Friday
7:30 AM - 1:30 PM
Saturday
N/A
Sunday
N/A
May 26, 2022 5:09 PM local time
Our aim is to create a free education space in Sri Lanka through online mediums. To achieve this target, we need your help and support.
Our aim is to create a free education space in Sri Lanka through online mediums. To achieve this target, we need your help and support.
Add a review